''යුක්තිය'' දෙදෙහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනී

December 21, 2023 - 8:55 AM
ගෙවී ගිය පැය 24 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සිදුකර තිබෙනවා.

මෙහෙයුමේදී මුළු සැකකරුවන් 2008ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 185ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

එසේම, සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 209 දෙනෙකු යොමු කර තිබෙන බවද සඳහන්.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

එම මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වේ.

හෙරොයින් 2kg 400g
අයිස් 1kg 200g
ගංජා 12kg 200 g
ගංජා පැල 73833 ක්
හෂීෂ් 12g
මාවා 5kg 200g
ඈෂ් 32g
තූල් 844g
මදන මෝදක 4kg 100g
මත්පෙති 17054 ක්
(lknews.lk)