යුවරාජ් සිං දළදා මාළිගාවට

March 17, 2024 - 5:11 PM
ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ලෝක ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා යුවරාජ් සිං ඇතුළු ලෝක පූජිත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මහනුවරට පැමිණ සිටිනවා.
(lknews.lk)