සර්දාරිගේ දියණිය ජනපති ආර්යාව ධුරයට

March 11, 2024 - 2:16 PM
පාකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබෙනවා.

අසීෆ් අලී සර්දාරි යනු, ඝාතනයට ලක් වුණු පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියායි.

එමෙන්ම අසීෆ් අලී සර්දාරිට දියණියක සහ පුත්‍රයකු සිටිනවා.

සාමාන්‍යයෙන්, ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය පිරිනැමෙන්නේ, ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයාගේ බිරිඳට වුවත්, සර්දාරි වැන්දඹුවකු බැවින්, ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාකිස්ථාන ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද අසීෆා බූතෝට හිමි වනවා.
(lknews.lk)