මෙවර උසස් පෙළ එක් විෂයක් හදිසියේම අවලංගු කරයි

January 12, 2024 - 3:36 PM
උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යන්ට අදාළව අවලංගු කර තිබෙනවා. 
ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ. 

කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.
 
මේ සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්...
(lknews.lk)