උසස් පෙළ කාලසටහනේ වෙනසක්

January 03, 2024 - 10:36 AM
උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ. 
 
ඒ අනුව කොරියානු භාෂාව විෂය එකතු කිරීමට යෑමේ දී කාලසටහනේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සිදු වූ බව ඔහු සඳහන් කළා. 
 
මේ හේතුවෙන් පෙර පැවති කාලසටහන භාවිතා නොකරන ලෙසත් සමහර වෙබ් අඩවිවල එම කාලසටහන වැරදි විදියට දක්වා තිබිය හැකි බවයි පැවසුවේ. 
 
අපේක්ෂකයින් සඳහා ප්‍රවේශපත්‍රයේම අදාළ කාලසටහන දක්වා තිබෙනවා. 
 
එම ප්‍රවේශපත්‍රයේ වෙන්කර ගැනීමට කොටසක් තිබෙන බව ද ඔහු පැවසුවා. 
 
එහි අපේක්ෂකයන් ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, මොන පත්‍රය ද, මාධ්‍ය, විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා. 
 
එම උපදෙස් පිළිපදින ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)