ස්ථීර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බරයේ සිට

January 18, 2024 - 9:02 AM
තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. 

රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මේ වනවිට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වනවිට විසඳන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)