දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් මව සහ දියණිය මරුට

January 04, 2024 - 11:23 AM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට මත්තල දෙසට ඊයේ (03) රාත්‍රියේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී වෑන් රථයේ ගමන් ගත් මව එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්වූ අතර දියණිය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි ඇගේ දියණියයි.

ඔවුන් අම්බලන්තොට - ලුණම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
(lknews.lk)