හදිසි ආපදා තත්ත්වයන්ට ගුවන් හමුදාව සීරුවෙන්

October 14, 2024 - 11:25 AM
දිවයිනේ මේ වන විට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා සහන සැලසීමට මෙන්ම මුදාගැනීමේ කටයුතු සඳහා ගුවන්යානා සහ ඊට අදාළ භට පිරිස් සූදානම් කර තැබීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත්තේ ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ නිරතුරුව ගුවනින් නිරීක්ෂණ කටයුතු සිදු කරන ලෙසයි.

ඒ වෙනුවෙන් 'Bell - 412' වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබෙනවා.

එමෙන්ම 'Bell - 212' වර්ගයේ හෙලිකොප්ටර් යානා 2ක් හිඟුරක්ගොඩ සහ පළාලි ගුවන් හමුදා කඳවුරුවල සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews.lk)