ගුවන් යානයක එන්ජිමක් උඩු ගුවනේදී ගිනි ගනියි

June 17, 2024 - 6:46 PM
එන්ජිමක උඩු ගුවනේදී ගින්නක් හට ගැනීම හේතුවෙන් නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළට ගුවන් යානයක් ගොඩබා තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානයකක් බවයි වාර්තා වන්නේ.

එම ගුවන් යානය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් නගරයේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කර ඇති බවත් ගමන් අරඹා විනාඩි 50ක් පමණ ගතවන විට එම ගුවන් යානයේ එක් එන්ජිමක ගින්නක් හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

(lknews)