ගාසාහි සරණාගත කඳවුරකට ගුවන් ප්‍රහාරයක්

December 25, 2023 - 7:19 PM
ගාසාහි අල් මගාසි සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 70 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ අතරින් බහුතරය කාන්තාවන් සහ දරුවන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද සඳහන්.

මෙවන් පසුබිමක ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් සඳහා ඊජිප්තුව නව සටන්විරාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
(lknews.lk)