උසස් පෙළ සිසුන්ගේ කාලසටහන වෙනස් වෙයි?

September 19, 2023 - 6:47 PM
උසස් පෙළ සිසුන්ගේ කාලසටහන යාවත්කාලීන කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය අද (19) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

උතුරු-නැගෙනහිර ඇතුළු සෙසු දුෂ්කර ප්‍රදේශයන්හි පාසල්වල විෂය නිර්දේශය තවමත් ආවරණය වී නොමැති බවයි ඇය පෙන්වාදෙන්නේ.

එමෙන්ම ශිෂ්‍යයින්ට වසර දෙක හමාරක කාලයක් හිමි උසස් පෙළ පන්ති 2023 පළමුවැනි වාරයට යන දරුවන්ට අහිමි වන බව ද ඇය පාර්ලිමේන්තුව හමුවේදී පැවසූවා.

ඒ අනුව ලබන වසරේ සිට උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ පවත්වන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවයි.
(lknews.lk)