උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

June 23, 2024 - 11:28 AM
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා 2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ විභාගය සඳහා අයදුම්පත්‍ර යොමු කළ හැකි බවයි, එහි නියෝජ්‍ය කොමසාරිස් සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ සියලු දෙනාට අයදුම් කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රජයේ පාසල්වල සිටින 12 ශ්‍රේණියේ සිසුන් ද විභාග සඳහා අයදුම් කරනු ඇති.

එලෙස සිදු කිරීමේ දී 13වන ශ්‍රේණියක් නොමැති ‍පාසල් පද්ධතිය බිඳ වැටීමේ අවදානයක් පවතින බව ද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මේ අතර 2024 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
(lknews.lk)