ජපානයේ ව්‍යාප්ත වන බැක්ටීරියාව ගැන නිවේදනයක්

June 19, 2024 - 6:41 PM
ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එය සාමන්‍ය ජනතාව අතර තිබෙන බැක්ටීරියා තත්ත්වයක් බවත් කලාතුරකින් එහි සංකූලතාවයක් ලෙස මාරාන්තික තත්ත්වයට පත්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියා සිටියා.   

(lknews)