ඉන්දියන් සාගරයේ භූ කම්පන 4ක්

December 29, 2023 - 10:08 AM
ඉන්දියන් සාගරය තුළ භූ කම්පන 4ක් වාර්තා වී තිබෙන බව, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පවසනවා.

අවසානයට ඇති වූ භූ කම්පනය ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8.00 ට පමණ ඇති වූ අතර එය රිච්ටර් මාපාංක 5.0 ක් ලෙස වාර්තා වනවා.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර වාර්තා වූ භූමි කම්පා රික්ටර් මාපකයේ සඳහන් වූයේ 4.8, 5.2, 5.8,ක් ලෙසයි.

කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි.
(lknews.lk)