සා/ පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

December 04, 2023 - 1:48 PM
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (04) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 18 වනදා දක්වා සියලුම සිසුන්ට මාර්ගත ක්‍රමය ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි.

එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහතික පත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කිරීමට පසුගිය 01 වනදා සිට අවස්ථාව ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)