ඉහළ ගිය රුපියල යළිත් අවප්‍රමාණය වෙයි

July 23, 2024 - 11:47 AM
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (23) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (22) රු. 298.89 ලෙස සටහන් වූ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රු. 299.29 ලෙස සටහන් වනවා.

එමෙන්ම ඊයේ රු. 308.19 ලෙස දැක්වුණු ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රු. 308.54ක් ලෙස සටහන් වී තිබෙනවා.

(lknews)