දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව ලබා දෙයි

September 13, 2023 - 10:43 AM
මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන වෙත යුද හමුදාව කැඳවා තිබෙනවා.

ඒ  දුම්රිය ස්ථානවල සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.
   
අවශ්‍ය වුවහොත් අනෙකුත් දුම්රිය ස්ථාන වෙතද ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බවයි හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ. 
 
මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් අද දිනයේ මේ දක්වා කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 13ක් අවලංගු වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
(lknews.lk)