මාලිගාකන්ද වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

October 11, 2023 - 4:28 PM

පසුගිය 17 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(10) රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අපරාධයක තොරතුරු වසන් කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධව සැකපිට වයස අවුරුදු 36 ත් 62 ත් අතර ඉරක්කාමම් 09 ප්‍රදේශයේ සහ ඔබේසේකරපුර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු සමඟ මෝටර් රථයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
(lknews.lk)