2040දී සඳ මතට ගගනගාමියෙක් යැවීමට සැරසෙයි

October 19, 2023 - 9:06 AM

2040 වන විට සඳ මතට ගගනගාමියෙකු යැවීමට ඉන්දියාව අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම රටේ අභ්‍යවකාශ ඉලක්කවලට 2035 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සඳහා සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම ඉලක්ක ප්‍රකාශයට පත් කළ අතර, සිකුරු සහ අඟහරු වෙත මෙහෙයුම් සඳහා කටයුතු කරන ලෙස විද්‍යාඥයන්ගෙන් ඉල්ලා සිටියා.

අගෝස්තු මාසයේදී ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට පත් වූ අතර සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා රොකට්ටුවක් දියත් කිරීමටද සමත් වුණා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) Gaganyaan ව්‍යාපෘතියේද කටයුතු කරමින් සිටින අතර එමගින් මිනිස් කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශයේ කිලෝමීටර් 400ක් දුරකට යවා ඔවුන් ආරක්ෂිතව ඉන්දීය මුහුදට ගෙන Gaganyaan ව්‍යාපෘතියෙහි අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)