අස්වැසුම දෙවන අදියර ජනවාරි මාසයේ සිට

December 11, 2023 - 12:06 PM
අස්වැසුම සහනාධාරයේ දෙවන අදියර සඳහා අයදුම්පත්, ජනවාරි මාසයේදී කැඳවන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. 
ඊට පෙර පළමු අදියර පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට නියමිතයි. 
 
ඔක්තෝබර් මාසයේදී ප්‍රතිලාභීන් මිලියන 1.47ක් ගිණුම්ගත කර තිබෙන අතර මෙය සැප්තැම්බර් මාසයේ ප්‍රතිලාභීන් මිලියන 1.377 ට සාපේක්ෂව 29,932 ක වැඩිවීමක් වනවා. 
 
අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ. 
 
ඒ සඳහා සුදුසුම කණ්ඩායම තෝරා ගැනීමට අපේක්ෂා කරන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. 
 
2024 වසරේ ඇස්වසුම සමාජ සුබසාධන වැඩසටහන ගෙවීම සඳහා රජය රුපියල් බිලියන 205ක් වෙන් කර තිබෙනවා.
(lknews.lk)