ATM යන්ත්‍රයක මුදල් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

October 18, 2023 - 2:35 PM
මදුරන්කුලියේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයකින් රුපියල් එක් කෝටි හතළිස් නම ලක්ෂයක පමණ මුදලක් කොල්ල කෑමේ සිද්ධියට සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසනවා. 

අදාළ ස්වයංක්‍රිය මුදල් හුවමාරු යන්ත්‍රය නඩත්තු කිරිමේ සේවකයන් ලෙස පෙනි සිටිමින් පසුගිය 7 දින රාත්‍රියේ කිසිවකුට සැක නොසිතන අයුරීන් ඉබි යතුරු භාවිතා කර අදාළ රහස් අංකද නිසි ලෙස භාවිතා කරමින් මෙම සොරකම සිදුකර තිබුණා.
(lknews.lk)