WORL CUP 2023 | ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

September 08, 2023 - 1:14 PM
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එක්වන ඔස්ට්‍රේලියා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව Pat Cummins හට මෙවර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය හිමි වනවා.

කෙසේවෙතත් Pat Cummins මේ වනවිට මැණික් කටුවෙහි ඇති වූ ආබායක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මේ දිනවල දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ද විවේක ගන්වා තිබෙනවා.

එළඹෙන ඔක්තෝබරයේ ඉන්දියාවේදී ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. 
(lknews.lk)
May be an image of 2 people and text that says