තෙල් මිල දිනපතාම සංශෝධනය කෙරේ

September 13, 2023 - 7:20 PM
එළඹෙන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රීය ලෙස ඉන්ධන මිල සංශෝධනයට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ, සියලුම ඉන්ධනහල් සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට නියමිත බවයි.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අතර සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.
(lknews.lk)