VIDEO | “අවලෝකිතේශ්වර" නමින් පෙනී සිටින පුද්ගලයා ගැනඇත්ත තොරතුරු මෙන්න

January 10, 2024 - 6:06 PM
බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන “අවලෝකිතේශ්වර' නමින් පෙනී සිටින පුද්ගලයෙකු ගේ ක්‍රියා කලාපය මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

මේ සම්බන්ධව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනාවරණයක් සිදු කළා. 
 
ඒ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයී. 
 
ඒ අනුව “අවලෝකිතේශ්වර“ ලෙස පෙනී සිටින පුද්ගලයා සිය කුඩා දරුවාද අපයෝජනයට ලක් කළ අයෙක් බවයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසා සිටියේ. 
 
එමෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පෙන්වා දුන්නේ මානසික විකෘතිතාවයෙන් පෙළෙන මෙවැනි පුද්ගලයින් වහාම මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි. 
 
මේ සම්බන්ධව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දැක් වූ අදහස් පහතින්...
(lknews.lk)