අවලෝකිතේෂ්වර නැමැති පුද්ගලයා රිමාන්ඩ් භාරයට

January 16, 2024 - 2:00 PM
බෞද්ධ දර්ශනයට හානි වන අයුරින් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 'අවලෝකිතේෂ්වර' නැමැති පුද්ගලයා ජනවාරි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
 
ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුවයි.
 
මහින්ද කොඩිතුවක්කු හෙවත් 'අවලෝකිතේෂ්වර' යන නමින් හඳුන්වා ගත් පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගත්තා. 
 
ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පන්නිපිටිය ප්‍රදේශයේදීයි. 
 
ඒ අනුව ඔහු බුදුදහමට නිගා කිරීම සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)