ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටු ලකුණ තියෙනවා - නාමල්

April 11, 2024 - 5:59 PM
මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ තමන්ගේ නම කෙසේ වෙතත් පොහොට්ටු ලකුණ දැකිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුවයි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ ද සිටිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)