ලොකු ලූණූ මිල පාලනයෙන් ගිලිහෙයි

December 21, 2023 - 5:27 PM
ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූණූ කිලෝවක මිල අද (21) පෙරවරුව වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පිටකොටුවේ ලොකු ලූණූ සිල්ලර මිල පැවතුණේ, රුපියල් 500 ත් 600 ත් අතර මිලකයි. 
 
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණූ කිලෝවක මිල අද පෙරවරුවේ රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අළෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇති බවයි පිටකොටුව තොග වෙළෙන්දන් පැවසුවේ.
(colombotimes.lk)