ලොව පුරා බිලියනයකට වැඩි පිරිසක් අධික ස්ථුලතාවයෙන් පෙළෙයි

March 01, 2024 - 11:48 AM
ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් තරබාරුව හෙවත් අධික ස්ථුලතාවයෙන් පෙළන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ බව අනාවරණ වී ඇත්තේ ලොව පුරා මිලියන 220 කට වැඩි පිරිසකගේ දත්ත මත සිදුකරන ලද සමීක්ෂණයකට අනුවයි.

1990 සිට 2022 වසර දක්වා කාලය තුළ තරබාරු වැඩිහිටියන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා.

එමෙන්ම ස්ථුලතාවයෙන් පෙළෙන අවුරුදු 5 සිට 19 දක්වා වයස්වල පසුවන ළමයින් මෙන්ම නව යොවුන් වියේ පසුවන්නන්ගේ සංඛ්‍යාව ද සිව් ගුණයකට වඩා ඉහළ ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මීට පෙර අධික ස්ථුලතාව ධනවත් රටවලින් වාර්තා වුවද මේ වන විට අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලින්ද මෙම පුද්ගලයින් හමු වී ඇති බව සඳහන් වනවා.
(lknews)