අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 4.2ක් වෙන් කරයි

July 20, 2024 - 12:46 PM
වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක මුදලක් වෙන් කර තිබෙනවා.

පසුගිය දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් දින 75ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලා වුණා.

(lknews)