යාත්‍රාවක් පෙරලී පිරිසක් මරුට

April 08, 2024 - 10:10 AM
මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් 90 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අනතුරෙන් මියගිය පිරිස අතර කුඩා දරුවන් රැසක් සිටින බව වාර්තා වනවා.

එරට බලධාරීන් සඳහන් කළේ අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි පස් දෙනෙකු බේරා ගෙන ඇති බවයි.

යාත්‍රාවේ පිරිස වැඩි වීමෙන් යාත්‍රාව මුහුදට පෙරලී මෙම අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


(lknews.lk)