සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක්

January 12, 2024 - 10:42 AM
දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේ දී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

එම දරුවන් සඳහා වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ. 
 
එම වැඩසටහන දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කටයුතු කරන බවත් වතු නොවන පෙර පාසල් දරුවන් 120,000 ක් සහ වතු පෙර පාසල් දරුවන් 35,000 ක් සිටින බවත් ඒ අනුව මුළු ප්‍රතිලාභින් සංඛ්‍යාව 155,000ක් වන බවයි ඇය පැවසුවේ. 
 
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
(lknews.lk)