11කට දිවි අහිමි කරමින් චීනයේ පාලමක් කඩා වැටෙයි

July 20, 2024 - 2:11 PM
වයඹදිග චීනයේ Shaanxi පළාතේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ප්‍රදේශයට පැවති වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පාලම කඩා වැටී ඇති බවයි.

එමෙන්ම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙක් පමණ අතුරුදන් වී සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

(lknews)