බටහිර රුසියාවේ පාලමක් කඩා වැටෙයි

April 09, 2024 - 4:04 PM
බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති අතර පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වනවා.

මෙහිදී නළ මාර්ගවලටට සිදුවූ හානි හේතුවෙන් නිවාස 8,000කට පමණ ගෑස් සැපයුමට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පාලම බොහෝ කලක් නඩත්තු නොකිරීම හේතුවෙන් කඩා වැටී ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.