2024 අයවැය ප්‍රකාශ කරන දිනය මෙන්න

October 20, 2023 - 7:08 PM
2024 අයවැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත තිබෙනවා.

අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේ.

මීට අදාළ ඡන්ද විමසීම 21 වනදා සවස 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිට දින 19ක් පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)