මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැයට

December 21, 2023 - 5:19 PM
වසර 03කට පසුව මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව එම මුදල් එළැඹෙන ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව අද (21) ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණා.
(lknews.lk)