බස් - ත්‍රිවිල් අනතුරින් 13ක් රෝහලට

November 08, 2023 - 9:32 AM
බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකනෙක ගැටිමෙන් 17 දෙනකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මාපලගම සිට මතුගම හරහා කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කළුතර ගල්අස්හේන ප්‍රදේශයේ දී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. 
 
තුවාලකරුවන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මඟින් 60 දෙනෙක් පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)