ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්න බැහැ - බස් සංගම්

December 01, 2023 - 9:16 AM
ඩීසල් මිළ අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ වෘත්තිය සමිති පවසනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 27 කින් අඩු කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බවයි.
(lknews.lk)