ලබන වසරේ බස් ගාස්තු ඉහළට

December 14, 2023 - 11:29 AM
ජනවාරි මාසය තුළ බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 
ඒ වැට් බදු වැඩි වීමත් සමඟ අමතර කොටස් මිල, තෙල් මිල, සේවා ගාස්තු සියල්ලම වැඩි වීම හේතුවෙන් බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ. 
 
වැට් බදු වැඩි වීම ඉන්ධනවලට ආදේශ කිරීම හේතුවෙන්, ඉන්ධන මිල වැඩිවීමේ අවධානම ජනතාවට එල්ල වන බව ද ඔහු සඳහන් කළා. 
 
මේ පිළිබඳව තම සංගමය ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)