ජනපතිගේ සහන සැළසීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වෙයි

June 04, 2024 - 10:45 AM
ගංවතුර තත්වය හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැළසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඒකමතික අනුමැතිය හිමි වී තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති තත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (03) එම ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයකට එක් වුණා.

එහිදී ප්‍රදේශවාසී ජනතාව ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

(lknews)