කල්පිටියේ සඟවා තිබූ රන් තොගයක් හමුවෙයි

August 07, 2024 - 5:46 PM
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (07) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී රන් කිලෝ 4 ග්‍රෑම් 740ක ඇසුරුමක් සොයාගෙන තිබෙනවා.

ඒ කල්පිටිය තොරයඩි කලපුවේ ගිල්වා තිබියදීයි.

නාවික හමුදා භාරයට ගත් රන් තොගය සහ සැක සහිත ඩිංගි යාත්‍රාවද ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

(lknews)