මෙවර උත්සව සමයේ කේක් නිෂ්පාදනයේ අඩුවක්

December 21, 2023 - 9:58 AM
බිත්තර මිල ගණන් ඉහළ යාම සහ ඇතැම් ප්‍රදේශවල පවතින බිත්තර හිඟය හේතුවෙන් උත්සව සමයේ කේක් නිෂ්පාදනය 50%කටත් වඩා අඩුවනු ඇති බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ බිත්තර ගැටලුව උත්සව සමයේ අනෙකුත් බේකරි නිෂ්පාදනවලටද විශාල බලපෑමක් එල්ල කර ඇති බවයි.
(lknews.lk)