ශල්‍යකර්මවලදී භාවිතයට වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක්

September 21, 2023 - 9:04 AM
ශල්‍යකර්මවලදී භාවිතා කිරීමට වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කලක් විශාල වූ සහ භාවිතයට අපහසු වූ උපාංග දැන් ඇඟිලි තුඩෙන් ගෙන යා හැකි මට්ටමට තාක්ෂණය දියුණු වී තිබෙනවා.

තාක්ෂණයේ මෙම විප්ලවය මිනිස් ජීවිත කෙරෙහි, විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල බලපෑමක්ද ඇති කර තිබෙනවා.

මෑතකදී අන්තර්ජාලයේ ප්‍රචලිත වූ පින්තූරයක 0.575 x 0.575 ප්‍රමාණයේ කුඩා කැමරාවක් පෙන්නුම් කර ඇති අතර එය වැලි ඇටයක ප්‍රමාණයට සමාන වනවා.

ප්‍රවෘත්ති නිවේදනයකට අනුව, මෙම උපාංගය ‘OV6948’ ලෙස හඳුන්වනු ලබනවා.

එය අමෙරිකාවේ OmniVision Technologies සමාගම විසින් විසින් නිපදවා තිබෙනවා.

මෙම කැමරාව 0.575mm x 0.575mm ප්‍රමාණයෙන් යුත් “වාණිජමය වශයෙන් ලබා ගත හැකි කුඩාම රූප සංවේදකය” සඳහා ගිනස් ලෝක වාර්තාව හිමි කර ගැනීමටද සමත් වී තිබෙනවා.

OmniVision විසින් මෙම නව්‍ය වෛද්‍ය නිරූපණ නිපදවා ඇත්තේ ගැඹුරු ව්‍යුහයන් නිරීක්ෂණයට විද්‍යාත්මක ප්‍රවේශය සඳහා වන වෙළඳපල ඉල්ලුමට විසඳුම් සෙවීම සඳහා බවයි සඳහන් වන්නේ. 
(lknews.lk)