කඩෙන් රසකැවිලි මිලදී ගැනීමේදි සැලකිලිමත්වන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය

April 11, 2024 - 2:45 PM
එළඹෙන අවුරුදු සමයේ කැවුම් කොකිස් වැනි රසකැවිලි ගැනීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍යය, වෘත්තීය සෞඛ්‍යය හා ආහාර සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන පවසනවා.

මුදල් අරමුණු කරගනිමින් ප්‍රමිතියෙන් තොර රසකැවිලි සාදා විකිණීම ඇතැම් පිරිස් විසින් සිදු කරන බව‍යි ඔහු සඳහන් කළේ.  

ඒ අනුව ආහාරයට ගැනීමට නුසුදුසු රසකැවිලු අලෙවි කරනු ලබන්නේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දැනුම් දීමට හැකියාව පවතින බවත් නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ අංකයට (0112112718) ඇමතුමක් ලබා දීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)