වාහන නැවැත්වීමේදී සැළකිලිමත් වෙන්න -පොලීසියෙන් රතු එළියක්

June 21, 2024 - 5:21 PM
පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

පොසොන් කලාපයන් පවතින ප්‍රදේශයන්වල රථ වාහන තදබදය ඇතිවීම වැළැක්වීම සඳහා 27,000කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සංඛ්‍යාවක් යොදවා ඇති බවත් ඔහු කියා සිටියා.  

මීට අමතරව පොසොන් සමයේ රාජකාරි සඳහා 20,000කට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ද අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

(lknews)