රවී ගොනුකළ නඩුව සමථයට පත්වෙයි

August 06, 2024 - 3:58 PM
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධනට එරෙහිව ගොනුකළ නඩුව සමථයකට පත්වී තිබෙනවා.

කෝකිලා ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමන් හට අපහාසයක් සිදුවූ බව පවසා රුපියල් මිලියන 500ක දඩයක් ඉල්ලා අයකර දෙන මෙන් මෙම නඩුව පවරා තිබෙන බවයි වර්තා වන්නේ.

එහෙත් අද (06) කොලඹ දිසා අධිකරණයේදී මන්ත්‍රීවරිය පැමිණිලිකාර පාර්ශවයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද තිබෙනවා.

ඒ අනුව සමථ කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන ලෙස අධිකරණය දෙපාර්ශවයෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

(lknews)