අස්වැසුම සැප්තැම්බර් මාසයට අදාළ වාරිකය ලබාදීම ඇරඹෙයි

November 23, 2023 - 10:59 AM
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළව හිමිවන මුදල් වාරිකය අද (23) සිට ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මේ වනවිට ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් මිලියන 8,571ක මුදලක් බැංකු වෙත ලබා දී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

සැප්තැම්බර් වාරිකය ලබා ගැනීමට ප්‍රතිලාභී පවුල් 1,377,000ක් තෝරාගෙන සිටින බව සඳහන්.
(lknews.lk)