ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මුදල් ත්‍යාගයක්

April 18, 2024 - 4:31 PM
දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසනවා.

එමෙන්ම නායිකා චමරි අතපත්තුව විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථීර කර නොමැති බවයි.


(lknews.lk)