විදුලි බල මණ්ඩල සේවකයින්ට බෝනස් නැහැ

December 20, 2023 - 6:13 PM
විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මෙවර වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දීමක් සිදු නොකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් එම මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

2015 වසරේ සිට සෑම වසර 3කටම වරක්ම 25%ක වැටුප් වර්ධක ගෙවීමක් සිදු කෙරුණා.

එය මෙවර නොගෙවීමට තීරණය කර ඇති බව අදාළ ලිපියේ සඳහන්.

මණ්ඩලයේ මෙහෙයුම් හා පරිපාලන වියදම් අඩුකිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා
(lknews.lk)