සිමෙන්ති මිලත් ඉහළට

January 05, 2024 - 5:25 PM
50Kgක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් ඉහළ දැමූ බව දේශීය සිමෙන්ති නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,300 සිට 2,450 දක්වා ඉහළ යන බවයි.

කෙසේ වෙතත් සිමෙන්ති කොට්ටයක සඳහන් මිලට අඩුවෙන් ඒවා වෙළඳසැල්වලින් ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)