අත්වැසුම 2වන අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා අවසන්

July 23, 2024 - 11:59 AM
අස්වැසුම සුබසාධක වැඩසටහනේ 2වන අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

සුබසාධක මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළේ මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ බවයි.

ඒ අනුව එහිදී අයදුම්පත් 4,54,924ක් පමණ ලැබී ඇති බවත් එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ඔහු කියා සිටියා.

(lknews)